Ultimate magazine theme for WordPress.

පළමු තරගයට ක්‍රීඩා කළ හැකි ප්‍රබල ඉන්දීය කණ්ඩායම මෙන්න

ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම එක්දින තරගය හෙට (18) පස්වරු 3 ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් වී අවසන්.

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් එංගලන්තයේ රැඳී සිටින බැවින්, එම සංචාරයට අයත් නොවන ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සංචිතයක් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සීමීත පන්දුවාර තරග සදහා නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගත්තේ.

ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මෙම සංචිතයට නම් නොකළත්, තරගාවලියට ක්‍රීඩා කරන ඉන්දීය සංචිතයේ ප්‍රබලත්වය නම් කිසිසේත්ම පහත් මට්ටමක නැහැ.

එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ අත්දැකීම් බහුල ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන්ට බව ඔබ දැනටමත් දන්නවා.

ඔහු ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරන පළමු අවස්ථාව මෙයයි.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයින් 10 දෙනෙකුම මෙතෙක් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගෙන නැහැ.

ඒ අනුව හෙට පැවැත්වෙන ප්‍රථම එක්දින තරගයට ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කෙසේ වේවිද?

එය ඉන්දීය ප්‍රේක්ෂකයින්ට මෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට ද පවතින ගැටලුවක්.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය හෙට තරගයට ක්‍රීඩා කළ හැකි ඉන්දීය කණ්ඩායම මෙලෙස අනුමාන කර තිබුණා.

  • Shikhar Dhawan (c), Prithvi Shaw, Suryakumar Yadav, Manish Pandey, Ishan Kishan (wk), Hardik Pandya, Krunal Pandya, Bhuvneshwar Kumar, Navdeep Saini / Deepak Chahar, Kuldeep Yadav / Varun Chakravarthy / Rahul Chahar, Yuzvendra Chahal.

මේ, ක්‍රික්බස් වෙබ් අඩවිය පළමු තරගයට ක්‍රීඩා කළ හැකි ඉන්දීය කණ්ඩායම අනුමාන කර තිබූ අයුරුයි. –

  • Shikhar Dhawan (c), Prithvi Shaw, Manish Pandey, Suryakumar Yadav, Ishan Kishan (wk), Hardik Pandya, Krunal Pandya, Bhuvneshwar Kumar, Kuldeep Yadav, Chetan Sakariya, Yuzvendra Chahal
Leave a comment