පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
Match Report
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර බුලවායෝ හී දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ(8) නිමා වුණා.
තරගය ජය ගැනීම සදහා ලකුණු 272 ක ඉලක්කයක් කොදෙව්වන් විසින් සිම්බාබ්වේ පිලට ලබා දුන් නමුත්, තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනය නිමා වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 134 ක්.
Chamu Chibhabha ලකුණු 31 ක් රැස් කළ අතර, Innocent Kaia හා Tafadzwa Tsiga(නොදැවී) ලකුණු 24 බැගින් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Gudakesh Motie ලකුණු 50 කට කඩුලු 4 ක් ද, රොස්ටන් චේස් ලකුණු 9 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.
පස්වැනි දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 21 ක්. ඔවුන් කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
රෙයිමන් රෙයිෆර් ලකුණු 58 ක් හා ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 57 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී වෙලින්ටන් මසකඩ්සා කඩුලු 3ක් දවා ගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සිය පළමු ඉනිම සදහා කඩුලු 6 ක් දැවී ලකුණු 447 ක් රැස් කළ අතර, පිළිතුරු වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 379 ක්.