පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක දැවැන්ත පරාජයක්
Match Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(6) සමත් වුණා.
මොහාලි ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී අඛණ්ඩව සිය දෙවනි ඉනිම ද ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.
නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 51යි. ධනංජය ද සිල්වා ලකුණු 30කටත්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 28 කටත්, දිමුත් කරුණාරත්න ලකුණු 27කටත් දැවී ගියා.
පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුළු 4 බැගින් දවා ගත්තා.
අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 174 ක් පමණයි.
පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 61යි. පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 5ක් බිඳ හෙලුවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 574 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.( ජඩේජා 175*)
දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 12 වනදා බැංගලූරුහී දී ආරම්භ වීමට නියමිතයි.
Wow it's great day my life @imVkohli he's 100th test match he's gifts me t shirts wow 😲 #viratkholi #ViratKohli100thTest #KingKohli pic.twitter.com/mxALApy89H
— dharamofficialcricket (@dharmveerpal) March 6, 2022