Ultimate magazine theme for WordPress.

පළමු ටෙස්ට් තරගය සදහා වන අවසන් ක්‍රීඩකයින් 12 දෙනා නිවේදනය කෙරේ

හෙට(15) බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් අවසන් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද පස්වරුවේ නිවේදනය කළා.

පිතිකරුවන් 7 දෙනෙකු, දග පන්දු යවන්නන් තිදෙනෙකු හා වේග පන්දු යවන්නන් දෙදෙනෙකු මෙම සංචිතයට ඇතුළත්.

ඒ අනුව පිතිකරුවන් ලෙස නායක දිමුත් කරුණාරත්න සමග ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් හා නිරෝෂන් දික්වැල්ල සංචිතයට නම් කර තිබෙනවා.

දග පන්දු යවන්නන් ලෙස පළමු ටෙස්ට් තරගය සදහා වන අවසන් සංචිතයට ඇතුළත් කර ඇත්තේ රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය හා ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයින්.

විශ්ව ප්‍රනාන්දු හා අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙස මෙම ක්‍රීඩකයින් 12 දෙනා අතරට නම් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයට නම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනා –

01. DIMUTH KARUNARATNE – Captain
02. OSHADA FERNANDO
03. KUSAL MENDIS
04. ANGELO MATHEWS
05. DHANANJAYA DE SILVA – Vice-Captain
06. DINESH CHANDIMAL
07. NIROSHAN DICKWELLA
08. RAMESH MENDIS
09. LASITH EMBULDENIYA
10. VISHWA FERNANDO
11. PRAVEEN JAYAWICKRAMA
12. ASITHA FERNANDO