Ultimate magazine theme for WordPress.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම කමින්ස් පහදයි

පා දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන් ශ්‍රී ලංකාව සමග හෙට(28) ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන බව ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් පවසනවා.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව මෙතෙක් හෙට ගාල්ලේ දී ආරම්භ වන තරගය සදහා ක්‍රීඩා කරන සිය කණ්ඩායම නිල වශයෙන් නිවේදනය කිරීමට සමත්ව නැහැ.

පාදයක ආබාධයකට ලක්ව සිටින මැදපෙල පිතිකරු ට්‍රැවිස් හෙඩ් හට හෙට තරගයට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත්දැයි මෙතෙක් අවසන් තීරණයකට එළඹීමට නොහැකිව තිබීම ඊට හේතුවයි.

ඔහුට පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ග්ලේන් මැක්ස්වෙල් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නම් කිරීමට කටයුතු කරන බවයි පැට් කමින්ස් අද(28) ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

එසේ වුවහොත් එය මැක්ස්වෙල් 2017 වසරෙන් පසුව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය වනු ඇති. එමෙන්ම ඔහු 2019 වසරෙන් පසුව මෙතෙක් කිසිදු පළමු පෙල තරගයක් හෝ ක්‍රීඩා කර නොතිබීම විශේෂත්වයක්.

ආබාධයක් හේතුවෙන් දග පන්දු යවන ක්‍රීඩක ජෝන් හෝලන්ඩ් මෙම තරගය සදහා වන තේරීම් වෙනුවෙන් සලකා බැලීමට නොහැකි වී තිබෙනවා.

එක්දින තරගාවලියේ දී ආබාධයකට ලක් වූ දග පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් ද මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලබා නැහැ.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ දී නේදන් ලයන් සමගින් මිචෙල් ස්වෙප්සන් දග පන්දු යවන්නන් ලෙස ද, නායක පැට් කමින්ස් සමගින් මිචෙල් ස්ටක් වේග පන්දු යවන්නන් ලෙස ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට(29) පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගයට ක්‍රීඩා කළ හැකි ඔස්ට්‍රේලියානු කණ්ඩායම :

Usman Khawaja, David Warner, Marnus Labuschagne, Steven Smith, Travis Head / Glenn Maxwell, Cameron Green, Alex Carey (wk), Pat Cummins (c), Mitchell Starc, Nathan Lyon, Mitchell Swepson