Ultimate magazine theme for WordPress.

පළමු එක්දින තරගයේ නායකත්වය ඇලෙක්ස් කෙරීට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇලෙක්ස් කෙරීට පැවරී තිබෙනවා.

ඒ, නිත්‍ය නායක ආරෝන් ෆින්ච් ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

දෙරට අතර පැවැති 5 වැනි 20යි 20 තරගයේ දී ෆින්ච් දණහිසක ආබාධයකට ලක් වූ අතර, ඔහු මෙතෙක් සම්පූර්ණ සුවය ලබා නොමැති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේ දී (රාත්‍රී 12ට) කොදෙව් දූපත්හි බාර්බඩෝස්හීදී ආරම්භ වීමට නියමිතයි.