පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන ලකුණු ; තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(2) පැවැත්වෙනවා.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.
දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග විකාශනය කිරීමේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ සියත රූපවාහිනී නාලිකාවටයි.
Sony Ten / Ten Cricket යන නාලිකා ඔස්සේ ද තරගාවලිය සජීවීව විකාශය කෙරෙනවා.
තරගාවලියේ සජීවී විස්තර විචාරයට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සවන් දීමේ අවස්ථාව ද හිමි වනවා.
Dialog Viu App හා ශ්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද තරගාවලිය නැරඹිය හැකියි.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ සම්භාවිතාව ද ඉතා ඉහළ මට්ටමක පවතින බවටයි අනාවැකි පලව ඇත්තේ.
තරගය සදහා මන්දගාමී හා දග කැවෙන තණතීරුවක් ලැබෙනු ඇති.