පළමු අලුබදුනේ දී ඇලෙක්ස් කෙරීගේ ටෙස්ට් සිහිනය සැබෑ වෙයි

එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමේ අවස්ථාව 30 හැවිරිදි ඇලෙක්ස් කෙරීට හිමිව තිබෙනවා.
ඒ, පළමු තරග දෙකේ දී කඩුලු රකින ක්‍රීඩකයා ලෙස ඔහු කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තහවුරු කිරීමත් සමගයි.
ඇලෙක්ස් කෙරී මේ වන විට සීමිත පන්දුවාර තරග 83 කදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.
මෙතෙක් ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කළේ ටෙස්ට් නායකයා වූ ටිම් පේන්.
කෙසේ වෙතත්, ඔහු පසුගියදා නායකත්වයෙන් ඉල්ලා අස් වූ අතර, පසුව ක්‍රීඩාවෙන් තාවකාලිකව විවේකයක් ගැනීමට ද තීරණය කළා.
දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් අලුබදුන ටෙස්ට් තරගාවලිය ලබන 8 වැනිදා බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
Australia squad for first two matches:
Pat Cummins (c), Alex Carey, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Michael Neser, Jhye Richardson, Steve Smith (vc), Mitchell Starc, Mitchell Swepson, David Warner.