පන්දුව පිරිමදින්න දහඩිය යොදා ගැනීමටත් තහනමක්

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගවලදී පන්දුව පිරිමැදීම සදහා දහඩිය යොදා ගැනීම සම්බන්ධයෙන් ද දැඩි සීමා පනවා තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානම අවම කර ගැනීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය එම පියවර ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව හිස, මුහුණ සහ ගෙල ප්‍රදේශයේ දහඩිය පන්දුව පිරිමැදීම සදහා යොදා ගැනීම එරට ක්‍රීඩකයින්ට තහනම් කර ඇති බව සදහන්.
කොරෝනා වසංගතය හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය මීට පෙර තීරණය කළේ කෙළ යොදා ගනිමින් පන්දුව පිරිමැදීම තහනම් කිරීමටයි.
කෙසේ වෙතත්, ඒ සදහා දහඩිය යොදා ගැනීමේ හැකියාව අයි.සී.සී නීති ප්‍රකාරව හිමි වනවා.
නමුත් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ දහඩිය යොදා ගැනීම සදහා ද දැඩි සීමා පැනවීමටයි.
මුඛය සහ නාසය ආසන්න ප්‍රදේශවලින් නිකුත් වන දහඩිය පන්දුව පිරිමැදීම සදහා යොදා ගැනීම අත්හිටුවීම මෙහි අරමුණයි.