පන්දුව පළුදු කිරීම ගැන කමින්ස්, හේසල්වුඩ්, ස්ටක් සහ ලියෝන්ගෙන් නිවේදනයක්

2018 වසරේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ කේප් ටවුන් ටෙස්ට් තරගයේ දී සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම තරගයට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සිව්දෙනා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, පන්දුව පළුදු කිරීමේ සිද්ධිය පිළිබද පන්දු යවන්නන් ද දැන සිටි බවට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පසුගියදා ඉගි පළ කිරීමත් සමගයි.
පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, මිචෙල් ස්ටක් සහ නේදන් ලියෝන් මෙම මාධ්‍ය නිවේදනය අද(18) නිකුත් කළ අතර, එම නිවේදනය ඔස්සේ ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් සිව්දෙනා කිසිදු පෙර දැනුවත් වීමක් ලබා නොතිබූ බවයි.
අදාළ සිද්ධිය ප්‍රසිද්ධියේ හෙළිදරව් වන තුරු තමන් සිව් දෙනා ඒ පිළිබද කිසිවක් දැන නොසිටි බව ඔවුන් සදහන් කළා.
පන්දුව පළුදු කිරීමේ වරදට හසු වීම හේතුවෙන් කැමරන් බැන්ක්‍රොෆ්ට්ට මාස 9ක තරග තහනමක් පැනවුණු අතර, ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ට ද වසරක තරග තහනමක් පැනවුණා.
කෙසේ වෙතත්, ඔවුන් තිදෙනා හැරුණු විට වෙනත් කිසිවෙකුත් පන්දුව පළුදු කිරීමේ සිද්ධියට සම්බන්ධ වී නොමැති බවටයි මීට පෙර අණාවරණය වී තිබුණේ.
නමුත්, පසුගියදා The Guardian පුවත්පත සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී කැමරන් බැන්ක්‍රොෆ්ට් ඉගි පළ කර තිබුණේ පන්දු යවන්නන් ද ඒ සම්බන්ධයෙන් දැන සිටි බවටයි.