පංජාබ් කිංග්ස් කණ්ඩායමට තවත් වෙනස්කම් කිහිපයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් සිය පුහුණුකාර්යය මණ්ඩලය සදහා තවත් වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව පිතිකරණ පුහුණුකරු ලෙස වසීම් ජෆර් යළි පත් කිරීමටයි එම කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.
පන්දු යැවීමේ පුහුණුකරු ලෙස Charl Langeveldt පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ බ්‍රැඩ් හැඩින්.
කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අනිල් කුම්බ්ලේගේ කොන්ත්‍රාත් ගිවිසුම අලුත් නොකිරීමට පංජාබ් කණ්ඩායම මීට පෙර තීරණය කළ අතර, ඒ අනුව ප්‍රධාන පුහුණුකරු ලෙස ට්‍රෙවර් බෙයිලිස් පත් කිරීමටයි පංජාබ් කිංග්ස් හිමිකාරීත්වය පසුගිය සැප්තැම්බර් මාසයේ දී තීරණය කළේ.
මෙම මස මුලදී මයාන්ක් අගාර්වල් වෙනුවට ශිකර් ධවාන් පංජාබ් කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමට ද පියවර ගැනුණා.
වසීම් ජෆර් මීට පෙර ද පංජාබ් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස 2020 වසරේ සිට කටයුතු කළ අතර, පසුගිය වසරේ පැවැති ක්‍රීඩක වෙන්දේසියට පෙර ඔහු එම ධූරයෙන් ඉවත් වුණා.