Ultimate magazine theme for WordPress.

නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය ලැමිච්හානේට එරෙහි තහනමක් ඉවත් කරයි

නේපාල හිටපු නායක හා දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේට (Sandeep Lamichhane) එරහිව පනවා තිබූ විදෙස් ගත වීමේ තහනම ඉවත් කිරීමට නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු නේපාල සංචිතයට එක්වීම සදහා ඩුබායි වෙත පිටත්ව යාමට නියමිතව ඇත්තේ ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීගය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා පැපුවා නිව් ගිනියාව සමග මේ දිනවල පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම අරමුණින්.

කෙසේ වෙතත්, ඒ සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය අවශ්‍ය වනවා.

අතවර කිරීමේ චෝදනාවකට ලක්ව සිටින සන්දීප් ලැමිච්හානේට මීට පෙර අධිකරණය විසින් ඇප නියම කළේ විදෙස් ගත වීම තහනම් කරමින්.

අනතුරුව ස්කොට්ලන්තය හා නැමීබියාව සමග මීට පෙර නේපාලයේ දී පැවැති තුන්කොන් තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කළ නමුත්, මේ දිනවල පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සදහා ඔහුව නේපාල සංචිතයට නම් කෙරුණේ නැහැ.

ඒ, ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම හේතුවෙන්.