නේපාල ක්‍රිකට් නායකයා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ නායක හා විශිෂ්ඨ දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේ (Sandeep Lamichhane) අත්අඩංගුවට ගන්නා ලෙසට එරට අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ, 22 හැවිරිදි ඔහුට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ බවට වන චෝදනාව හේතුවෙන්.
කත්මන්ඩු නුවර 17 හැවිරිදි දැරියක් විසින් මේ සම්බන්ධයෙන් පොලීසිය වෙත සිදු කළ පැමිණිල්ලකට අනුවයි අදාළ වරෙන්තුව නිකුත් කර ඇත්තේ.
ඇය සදහන් කර ඇත්තේ අගෝස්තු 21 වැනිදා ඔහු විසින් තමාව හෝටලයකදී දෙවරක් අතවරයට ලක් කල බවයි.
අතවරයට ලක් වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා ද යොමු කර තිබුණා.
සන්දීප් ලැමිච්හානේ මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන කැරබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින්නේ Jamaica Tallawahs කණ්ඩායම නියෝජනය කරමින්.
මේ අතර, ඔහුට තාවකාලික ක්‍රිකට් තහනමක් ද පැනවීමට නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.