Ultimate magazine theme for WordPress.

නේතන් ඇලස් පංජාබ් කණ්ඩායමට

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක නේතන් ඇලස් පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහායි.

පංජාබ් කණ්ඩායමේ ජයි රිචර්ඩ්සන් හා Riley Meredith ඉතිරි තරග සදහා ක්‍රීඩා නොකරන පසුබිමක් මතයි මෙම ගිවසුම් ගත වීම සිදු කර ඇත්තේ.

නිමා වූ බංග්ලාදේශ 20යි 20 තරගාවලියේ දී ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා ගත් නේතන් ඇලස් සිය මංගල තරගයේ දී ම කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට ද සමත් වුණා.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මැයි මාසයේ දී අතරමග දී අත්හිටුවීමට සිදු වූ මෙවර IPL තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.