Ultimate magazine theme for WordPress.

නුරුල් හසාන්ට උතුර දකුණ මාරු වෙයි… ස්ථානය මාරු වෙලා වෙච්චි වින්නැහියක්

බංග්ලාදේශ ඒ කණ්ඩායම හා නවසීලන්ත ඒ කණ්ඩායම අතර සිලෙට්හීදී පැවැති තෙවැනි එක්දින තරගයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් දැක ගත හැකි වුණා.

තරගයේ නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක වන අතරවාරයේදී එක් අවස්ථාවක බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක හා නායක නුරුල් හසාන් කඩුලු රකින ස්ථානයේ රැදී නොසිට පළමු ස්ලිප් කලාපයේ රැදී සිටීම විශේෂත්වයක්.

ඉනිමේ පස්වැනි පන්දුවාරය එබඩොට් හොසේන් විසින් යොමු කළ අතර, පස්වැනි පන්දුව Rhys Mairu විසින් නිදැල්ලේ හැරීමට කටයුතු කළා.

එම අවස්ථාවේදී පන්දුව රැක ගැනීම සදහා කඩුලු රකින්නා නිසි ස්ථානයේ රැදී නොසිටි බැවින් පන්දුව එම ස්ථානයේ ස්ථානගත කර තිබූ හිස් ආවරණයක වදින ආකාරයක් දැක ගත හැකි වුණා.

ඒ හේතුවෙන් දඩුවම් ලකුණු පහක් නවසීලන්තයට පිරිනැමීමටයි විනිසුරු කටයුතු කළේ.