නීතිපති උපදෙස් අනුව ක්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම වෙනුවෙන් සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ, ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම සදහා පරිපාලන කමිටුවක් පත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේනතුව ලබා දුන් උපදෙස් අනුවයි. ALSO READ : ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත් කරන්නැයි ක්‍රීඩා ඇමතිට නීතිපති උපදෙස්
ඒ අනුව මැයි 20 වනදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිළවරණය තෙක් මෙම නව කමිටුව විසින් ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීමට නියමිතයි.
2019 වසරේ පෙබරවාරි 21 වනදා පැවැති ක්‍රිකට් නිළවරණයේ දී ක්‍රිකට් ආයතනය සදහා වත්මන් නිළධාරී මණ්ඩලය තේරී පත්වුණේ වසර දෙකක කාලයක් සදහායි.
ඒ අනුව ඔවුන්ගේ ධූර කාලය පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන්ව තිබෙනවා.
ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු මෙන්න කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වන නිශාන්ත රණතුංග මහතා පසුගිය දෙවනදා ක්‍රීඩා අමාත්‍යරවයා වෙත යොමු කළ ලිපියකින් ඉල්ලා තිබුණේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නිළවරණය තෙක් පරිපාලන කටයුතු සිදු කිරීම වෙනුවෙන් ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසයි.
ඉන් අනතුරුවයි මැයි 20 වනදා පැවැත්වීමට නියමිත නිළවරණය තෙක් ක්‍රිකට් ආයතනයේ කටයුතු පවත්වා ගෙන යාම සදහා නව කළමණාකරණ කමිටුවක් පත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව ද නිර්දේශ ලබා දී තිබුණේ.