Ultimate magazine theme for WordPress.

නිවසේ පිරිසිදු කිරීමකදී වූ අනතුරක් නිසා ආචර්ට ශල්‍යකර්මයක්

ADVERTISEMENT

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහුගේ දකුණු අතෙහි මෙම ශල්‍යකර්මය සිදු කිරීමට තීරණය කර ඇත්තේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුවයි.

කෙසේ වෙතත්, ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූයේ මෙම ආබාධය හේතුවෙන් නොවන බව ද සදහන්.

ඉන්දීය සංචාරයට එක්වීමට පෙර නිවසේ පිරිසිදු කිරීමේ කටයුත්තකදී ඔහුගේ අතෙහි කැපුමක් සිදුව තිබූ අතර, ඒ හේතුවෙනුයි මෙම ශල්‍යකර්මය සිදු කිරීමට සිදුව ඇත්තේ.

මීට පෙර එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් කියා සිටියේ ජොෆ්ර ආචර්ට අයි.පී.එල් තරගාවලියේ අවසන් භාගයේ තරග සදහා හෝ ක්‍රීඩා කළ හැකි වනු ඇත්දැයි ඉදිරියේ දී තීරණය කරන බවයි.

කෙසේ වෙතත්, මෙම ශල්‍යකර්මය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුගේ සහභාගීත්වය තවදුරටත් අවිනිශ්චිත වී තිබෙනවා.

Leave a comment