නියුමෝනියාව වැළදුණු නසීම් ශාහ්ට කොවිඩ් 19 ආසාදනය වෙයි

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ, නියුමෝනියාව වැළදීම හේතුවෙන් ඔහුව පසුගිය අගහරුවාදා (27) රාත්‍රී කාලයේ දී රෝහල් ගත කර තිබූ පසුබිමකයි.
කෙසේ වෙතත්, මේ වන විට නසීම් ශාහ් රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ඔහු යහපත් තත්ත්වයෙන් පසුවන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් ඔහුට එංගලන්තය සමග මේ දිනවල පැවැත්වෙන තරග 7 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.
එංගලන්තය සමග පැවැත්වෙන 20යි 20 තරගාවලිය අතරතුර දී මීට පෙර ද පාකිස්තාන සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබුණා.
ඔක්තෝබර් දෙවැනිදා එංගලන්තයට එරෙහි 20යි 20 තරගාවලිය අවසන් වන අතර, අනතුරුව ඔක්තෝබර් 3 වැනිදා පාකිස්තාන කණ්ඩායම තුන්කොන් 20යි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා නවසීලන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.
අනතුරුව ඔවුන් 20යි 20 ලෝක කුසලානය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට පිටත්ව යාමට ද නියමිතව තිබෙනවා.
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් නසීම් ශාහ්ට නවසීලන්ත තරග සංචාරයට සහභාගී විය හැකිදැයි මේ වන විට පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.