ටෙස්ට් උප නායකත්වයේ මංගල තරගාවලිය රෝහිට් ෂර්මාට අහිමි වෙයි
ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නව උප නායක රෝහිට් ෂර්මාට එළඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ වම් පාදයේ සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.
ඒ අනුව දකුණු අප්‍රිකා සංචාරයේ දී රෝහිට් වෙනුවට ප්‍රියාන්ක් පන්චල් ටෙස්ට් සංචිතයට ආදේශ කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
රෝහිට් ෂර්මාට මෙම තරගාවලිය අහිම වීම හේතුවෙන් ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන්නේ කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නැහැ.
පුහුණුවීම් අතරතුර දී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව රෝහිට් ෂර්මාට හිමි වනු ඇත්දැයි මෙතෙක් අනාවරණය වන්නේ නැහැ.
ඔහු එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් වීමෙන් පසුව ක්‍රීඩා කිරීමට නියමිත පළමු තරගාවලිය වන්නේ ද දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියයි.
තරග 3 බැගින් යුත් ටෙස්ට් හා එක්දින තරගාවලි ඇතුළත් දකුණු අප්‍රිකා සංචාරය ආරම්භ වන්නේ බොක්සිං දිනයේ දී (දෙසැම්බර් 26) සෙන්චූරියන්හී දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයත් සමගයි.
India’s Test squad:
Virat Kohli (C), KL Rahul, Mayank Agarwal, Cheteshwar Pujara, Ajinkya Rahane, Priyank Panchal, Shreyas Iyer, Hanuma Vihari, Rishabh Pant (wk), Wriddhiman Saha (wk), R Ashwin, Jayant Yadav, Ishant Sharma, Mohd. Shami, Umesh Yadav, Jasprit Bumrah, Shardul Thakur, Md. Siraj