නැමීබියාව සුපිරි 12 වටයේ පළමු ජය ලබයි
Match Report

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 21 වන තරගයෙන් ස්කොට්ලන්තය පරදා සුපිරි 12 වටය යටතේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට නැමීබියාව අද(27) සමත් වුණා.
අබුඩාබි හී දී පැවැති තරගයෙන් ඔවුන් ජය වාර්තා කළේ කඩුලු 4කින්.
තරගයේ කාසියේ වාසිය දිනූ නැමීබියාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්ත පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නැමීබියාව ඉඩ ලබා දුන්නේ නැහැ.
තරගයේ පළමු පන්දුවාරය Ruben Trumpelmann විසින් යොමු කළ අතර, එහිදී ඔහු කඩුලු 3ක් දවා ගනිමින් ස්කොට්ලන්ත ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළා.
අනතුරුව මැද පෙල පිතිකරුවන් යම් සටනක නිරත වෙමින් සිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 109ක් දක්වා රැගෙන යාමට සමත් වුණා.
Michael Leask ලකුණු 44ක් හා Chris Greaves ලකුණු 25ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාව පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Craig Williams ලකුණු 23ක් ද, JJ Smit නොදැවී ලකුණු 26ක් ද ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී Michael Leask ලකුණු 12කට කඩුලු 2ක් දවා ගත්තා.
ඒ අනුව ස්කොට්ලන්තය මෙවර තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ක්‍රීඩා කළ තරග දෙකම මේ වන විට පරාජයට පත් වී තිබෙනවා.