Ultimate magazine theme for WordPress.

නැමීබියාව ලකුණු 56 කට දවා ගනිමින් ශ්‍රී ලංකාව යොවුන් ලෝක කුසලානයේ දෙවැනි ජයත් ලබයි

Match Report

පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ නැමීබියා යොවුන් කණ්ඩායම ලකුණු 56 කට දවා ගනිමින් මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තමන් ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් ලකුණු 77ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(24) සමත් වුණා.

නැමීබියාවේ ඇරයුමෙන් Kimberley හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 37.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 133 ක් පමණයි.

සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිරත වූ අංක 3 පිතිකරු වූ සුපුන් වඩුගේ නොදැවී ලකුණු 56 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට යම් සහනයක් ගෙන දුන්නා.

පන්දු යැවීමේ දී Zacheo van Vuuren ලකුණු 23 කට කඩුලු 4 ක් හා Johannes de Villiers ලකුණු 19 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ද එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 56 කට දවා ගත්තේ පන්දුවාර 27 ක් තුළදීයි.

අංක 10 පිතිකරු වූ Peter-Daniel Blignaut නොදැවී ලකුණු 18 ක් ලබා ගත් අතර, අංක 9 පිතිකරු වූ Hanro Badenhorst  ලකුණු 11 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශ්ව ලහිරු ලකුණු 19 කට කඩුලු 3ක් දවා ගත් අතර, රුවිෂාන් පෙරේරා ලකුණු 3කට කඩුලු 3 ක් බිද හෙලුවා. දිනුර කලුපහන පන්දුවාර 8ක් තුළ ලකුණු 8කට දවා ගත් කඩුලු ගණන දෙකක්.