Ultimate magazine theme for WordPress.

නායකත්වය මැතිව් වේඩ්ට

බංග්ලාදේශයට එරෙහි තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය මැතිව් වේඩ් වෙත හිමිව තිබෙනවා.

ඒ, නිත්‍ය නායක ආරොන් ෆින්ච්ට ආබාධයක් හේතුවෙන් එම තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වන බැවින්.

නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ඔහු එලෙස ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් කොදෙව්වන්ට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියට ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

එම තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඇලේක්ස් කෙරී විසින්.

බංග්ලාදේශ – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය හෙට(3) ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.