නසීම් ශාහ් ටෙස්ට් සංචිතයට කැදවයි

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන පාකිස්තාන සංචිතයට තවදුරටත් වෙනස්කම් සිදු කිරීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවට සිදුව තිබෙනවා.
ඒ, පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ්ට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.
ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාම් ප්‍රධාන සංචිතයට කැදවීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.
මීට පෙර ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතය සමග රැදී සිටියා.
කොවිඩ් 19 ආසාදනය වීම නිසා හැරිස් රවුෆ්ට දින 5ක කාලයක් හුදෙකලා වී සිටීමට සිදු වනවා.
ඔහුට වෛරසය ආසාදනය වී ඇති බැවින් සෙසු ක්‍රීඩකයින්ට හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින්ට යළිත් වෛද්‍ය පරීක්ෂණ සිදු කර තිබූ නමුත්, වෙනත් කිසිවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන නැහැ.