Ultimate magazine theme for WordPress.

නසීම් ශාහ්ට නියුමෝනියාව වැළදෙයි

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ් නියුමෝනියාව වැළදීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට එංගලන්තය සමග පැවැත්වෙන තරග 7 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය අගහරුවාදා (27) රාත්‍රී කාලයේ දී ඔහුව මෙලෙස රෝහල් ගත කර ඇති බව සදහන්.

නසීම් ශාහ්ට එංගලන්තයට එරෙහි ඉතිරි තරග ක්‍රීඩා කළ හැකිදැයි ඔහුගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව තීරණය කරන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔක්තෝබර් දෙවැනිදා එංගලන්තයට එරෙහි 20යි 20 තරගාවලිය අවසන් වන අතර, අනතුරුව පාකිස්තාන කණ්ඩායම තුන්කොන් 20යි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා නවසීලන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.

අනතුරුව ඔවුන් 20යි 20 ලෝක කුසලානය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම තරග සදහා නසීම් ශාහ් සම්බන්ධ කර ගැනීමට හැකි වනු ඇති බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනය විශ්වාසයෙන් පසුවනවා.