Ultimate magazine theme for WordPress.

නව තේරීම් කමිටුව ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පත් කළ නව ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිල වශයෙන් නිවේදනය කළා.

මෙම පංච පුද්ගල තේරීම් කමිටුව වසර දෙකක කාලයක් සදහා බලපැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

හිටපු ක්‍රිකට් නායක උපුල් තරංග මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොජනා කළ නම් කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුවයි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම තේරීම් කමිටුව පත් කර ඇත්තේ.

නව තේරීම් කමිටුව –

  1. උපුල් තරංග (සභාපති)
  2. අජන්ත මෙන්ඩිස්
  3. දිල්රුවන් පෙරේරා
  4. තරංග පරණවිතාන
  5. ඉන්දික ද සේරම්

නව තේරීම් කමිටුවේ පළමු වගකීම බවට පත්වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා සංචිත තෝරා ගැනීමයි.

එම සංචාරය සදහා එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

මීට පෙර තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතායි.