නව ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ සභාපතිධූරය සනත් ජයසූරියට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා නව තාක්ෂණික උපදේශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.
පංච පුද්ගල තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය මහතායි.
ඔහුට අමතරව ෆාවිස් මහරූෆ්, කපිල විජේගුණවර්ධන, චරිත් සේනානායක හා අසන්ත ද මෙල් යන මහත්වරුන් ද මෙම කමිටුවට ඇතුළත්.