නවාස්ට ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් නවාස්ට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.
කෙසේ වෙතත්, ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.
මේ අතර, අතිරේක ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව නසීම් ශාහ් හා සර්ෆරාස් අහ්මඩ් යන ක්‍රීඩකයින් අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කිරීමටයි තීරණය කර ඇත්තේ.
මොහොමඩ් හැරිස්, කම්රාන් ගුලාම්, මොහොමඩ් අබ්බාස් හා යසීර් ශාහ් ද අතිරේක ක්‍රීඩකයින් ලෙස මීට පෙර නම් කෙරුණා.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 4 වැනිදා රාවල්පින්ඩි හී දී ආරම්භ වීමට නියමිතයි.
Updated Squad:
Babar Azam (C), Mohammad Rizwan (VC), Abdullah Shafique, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Rauf, Hasan Ali, Imam-ul-Haq, Nauman Ali, Sajid Khan, Saud Shakeel, Shaheen Shah Afridi, Shan Masood and Zahid Mahmood