නවසීලන්ත ප්‍රබලයින් දෙදෙනා වෙනුවට නව ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොන්ත්‍රාත්තු
නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයින් වන නේදන් ස්මිත් හා ජොෂ් ක්ලාර්ක්සන්ට නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් මධ්‍යම කොන්ත්‍රාත්තු පිරිනමා තිබෙනවා.
ඒ, මෑතකදී මධ්‍යම කොන්ත්රාත්තුවලින් ඉවත් වූ ඩෙවෝන් කොන්වේ හා ෆින් ඇලන් වෙනුවටයි.
නේදන් ස්මිත් මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නොමැති අතර, ක්ලාර්ක්සන් මේ දක්වා නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 6ක් ක්‍රීඩා කර තිබෙනවා.
ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි සදහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණ ඇතිවයි කොන්වේ හා ඇලන් මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවත් වීමට තීරණය කර තිබුණේ.
කෙසේ වෙතත්, කොන්වේ සමග අනියම් ගිවිසුමක් අත්සන් තැබීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය එකග වූ අතර, ඒ අනුව ඔහු ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරග 6 හැර සෙසු සියලු ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම සදහා සූදානමින් පසුවනවා.
මීට පෙර කේන් විලියම්සන්, ට්‍රෙන්ට් බෝල්ට්, ලොකී ෆර්ගසන් හා ඇඩම් මිල්න් වැනි නවසීලන්ත ක්‍රීඩකයින් ද මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවත් වීමට පියවර ගෙන තිබුණා.
Updated New Zealand Men’s central contracts
Tom Blundell, Michael Bracewell, Mark Chapman, Josh Clarkson, Jacob Duffy, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Will O’Rourke, Ajaz Patel, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Ben Sears, Nathan Smith, Ish Sodhi, Tim Southee, Will Young