නවසීලන්ත කණ්ඩායමේ ගිම්හාන තරග කාලසටහන එළි දකියි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ගිම්හාන සෘතුවට අදාළ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.
එහිදී මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර නවසීලන්තයේ දී 20යි 20 තරග 3ක් ද පැවැත්වීමට නියමිතයි.
මාර්තු මාසයේ දී එම 20යි 20 තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති අතර, එය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයේ දින අතර ගැටීමක් සිදු වීම ද විශේෂත්වයක්.
එකම කාලයකදී එලෙස ටෙස්ට් හා 20යි 20 තරගාවලියක් යෙදී ඇති බැවින් ස්ටීවන් ස්මිත්, පැට් කමින්ස්, ඩේවිඩ් වෝනර්, මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් යන ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට 20යි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ තිබෙනවා.
නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ජනවාරි හා පෙබරවාරි මාසවලදී ඔස්ට්‍රේලියාවේ දී ද තරග 3කින් යුත් එක්දින තරගාවලියක් හා එක් 20යි 20 තරගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
නවසීලන්ත කණ්ඩායම බංග්ලාදේශයට හා දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 2 බැගින් යුත් ටෙස්ට් තරගාවලි දෙකක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.
එම තරගාවලි ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.
එමෙන්ම නවසීලන්තය හා නෙදර්ලන්තය අතර 20යි 20 තරගයක් හා එක්දින තරග 3ක් ද පැවැත්වීමට නියමිත බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මේ අතර, නවසීලන්ත කාන්තා කණ්ඩායම ද එළඹෙන ගිම්හාන තරග වාරයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම සමග 20යි 20 තරගයක් හා එක්දින තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරග කාලසටහන –
New Zealand Men vs Bangladesh – Test series
Jan 1-5 : 1st Test : Bay Oval, Tauranga
Jan 9-13 : 2nd Test : Hagley Oval, Christchurch
New Zealand Men’s tour of Australia
Jan 30 : 1st ODI : Optus Stadium, Perth
Feb 2 : 2nd ODI : Blundstone Arena, Hobart
Feb 5 : 3rd ODI : Sydney Cricket Ground, Sydney
Feb 8 : Only T20I : Manuka Oval, Canberra
New Zealand Women vs India
Feb 9 : Only T20I : McLean Park, Napier
Feb 11 : 1st ODI : McLean Park, Napier
Feb 14 : 2nd ODI : Saxton Oval, Nelson
Feb 16 : 3rd ODI : Saxton Oval, Nelson
Feb 22 : 4th ODI : John Davies Oval, Queenstown
Feb 24 : 5th ODI : John Davies Oval, Queenstown
New Zealand Men vs South Africa – Test series
Feb 17-21 : 1st Test : Hagley Oval, Christchurch
Feb 25-Mar 1 : 2nd Test : Basin Reserve, Wellington
New Zealand Men vs Australia
Mar 17 : 1st T20I : Sky Stadium, Wellington
Mar 18 : 2nd T20I : Sky Stadium, Wellington
Mar 20 : 3rd T20I : McLean Park, Napier
New Zealand Men vs Netherlands
Mar 25 : Only T20I : Bay Oval, Tauranga
Mar 29 : 1st ODI : University Oval, Dunedin
April 2 : 2nd ODI : Seddon Park, Hamilton
April 4 : 3rd ODI : Seddon Park, Hamilton