Ultimate magazine theme for WordPress.

නවසීලන්ත – ඇෆ්ඝනිස්තාන තරගයට පෙර අබුඩාබි තණතීරු සකසන්නා මරුට

අබුඩාබි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු මොහාන් සිං මිය ගොස් තිබෙනවා.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය හා ඇෆ්ඝනිස්තානය අතර අද(7) පස්වරුවේ ආරම්භ වූ තරගයට පෙර ඔහු මෙලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නවාතැන් ගෙන සිටි කාමරයේ දී ම මොහාන් සිං මිය ගොස් ඇති බව සදහන්.

නවසීලන්ත – ඇෆ්ඝනිස්තාන තරගයේ තණතීරු භාරකරු වූයේ ද ඔහුයි.

මොහාන් සිං 2004 වසරේ දී අබුඩාබි වෙත පැමිණ තිබුණේ ඉන්දියාවේ පංජාබ් ක්‍රීඩාංගනයේ දී තණතීරු භාරකරුවෙකු වශයෙන් ලැබූ පුහුණුවෙන් පසුවයි.

ඔහු 1994 වසරේ සිට පංජාබ් ක්‍රීඩාංගනයේ සේවය කර තිබුණා.

ඉන්දියාවට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් අද පැවැත්වෙන තරගයෙන් ඇෆ්ඝනිස්තානය ජය ගැනීම අනිවාර්යයයි.

Leave a comment