නවසීලන්තය 93කට සීමා කරමින් බංග්ලාදේශය තරගාවලිය දිනයි
Match Report
නවසීලන්තය සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ම ජය ගැනීමට බංග්ලාදේශය අද(8) සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති සිව්වැනි 20යි 20 තරගයෙන් බංග්ලාදේශය කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
ඩකාහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 93ක් පමණයි.
විල් යන්ග් ලකුණු 46ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළ අතර, නායක ටොම් ලේතම් ලකුණු 21යි. ෆින් ඇලන් ලකුණු 12කට දැවී ගියා. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 5 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.
පන්දු යැවීමේ දී නසුම් අහ්මඩ් හා මුස්ටර්ෆිසුර් රෙහ්මාන් කඩුලු 4 බැගින් දවා ගනිද්දී, මහෙදි හසාන් හා මොහොමඩ් සයිෆුදීන් කඩුල්ල බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ නායක මහමුදුල්ලාහ් නොදැවී රැස් කළ ලකුණු 43න් සවිමත් වෙමින්. මොහොමඩ් නයීම් ලකුණු 29යි.
පන්දු යැවීමේ දී අජාජ් පටෙල් කඩුලු 2ක් හා Cole McConchie කඩුල්ලක් දවා ගත්තා.