Ultimate magazine theme for WordPress.

නවසීලන්තය 2-0 ක් ලෙස ඉදිරියට

Match Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ද කඩුලු පහක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් ඩනේඩන්හි පැවැති තරගයේ එක් ඉනිමක් පන්දුවාර 15 කට සීමා වූ අතර, පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 135 ක් ලබා ගත්තා.

නායක සල්මන් ආගා පන්දු 28 කින් ලකුණු 46 ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ජේකබ් ඩෆී, බෙන් සියර්ස්, ජේම්ස් නීෂම් හා ඉෂ් සෝදි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 13.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ටිම් සයිෆර්ට් පන්දු 22 කින් ලකුණු 45 ක් රැස් කළ අතර, හැරිස් රවුෆ් කඩුලු දෙකක් දවා ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස මේ වන විට නවසීලන්තය ඉදිරියෙන් පසුවනවා.