නවසීලන්තය පරදා නයිජීරියාවට ඓතිහාසික ජයක්
Match Report

වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තමන් ලැබූ පළමු ජය ලැබීමට නයිජීරියාව අද(20) සමත් වුණා.
ඒ, තරගාවලියේ 11 වැනි තරගයේදී නවසීලන්තය පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු දෙකක ජයක් වාර්තා කරමින්.
මැලේසියාවේ Kuching හී දී පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 13 කට සීමා කෙරුණා.
පළමුව පන්දුවට පහරදුන් නයිජීරියාව කඩුලු 6 ක් දැවී ලකුණු 65 ක් ලබා ගත්තා. Lucky Piety ලකුණු 19 ක් හා Lillian Udeh ලකුණු 18 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 13 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 63 ක් පමණයි.
Anika Todd ලකුණු 19 ක් ද, Tash Wakelin ලකුණු 18 ක් ද රැස් කළා. පන්දු යැවීමේදී Usen Peace, Adeshola Adekunle හා Lillian Udeh කඩුල්ල බැගින් දවා ගත්තා.