නවසීලන්තයට ලකුණු 74 ක ජයක්
Match Report
එංගලන්තය සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්රිකට් තරගයෙන් ලකුණු 74 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය පරාජයට පත් නොවී සිටීමේ සිය බලාපොරොත්තු තවදුරටත් රැක ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරග 4 කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරග දෙක එංගලන්තය ජය ගත් අතර, තෙවැනි තරගය පැවැත්වුණේ බර්මිංහැම් හී දී යි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබා ගත්තා.
ෆින් ඇලන් ලකුණු 83(53) ක් රැස් කළ අතර, ග්ලේන් පිලිප්ස් ලකුණු 69(34) ක් ලබා ගත්තා. ඇලන්ගේ ඉනිමට හයේ පහර 6 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර, පිලිප්ස්ගේ ඉනිම හයේ පහර හා හතරේ පහර 5 බැගින් වර්ණවත් කළා.
පන්දු යැවීමේ දී ගස් ඇට්කින්සන් (Gus Atkinson) ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එංගලන්තයට පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.
ජොස් බට්ලර් ලකුණූ 40(21) ක් රැස් කළ අතර, මොයීන් අලී ලකුණු 26(16)යි.
පන්දු යැවීමේ දී ක්යල් ජමීසන් හා ඉෂ් සෝදි කඩුලු 3 බැගින් බිද හෙලුවා. ටිම් සවුති කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 30 ක් ලබා දෙමින්.
ඒ අනුව තවදුරටත් එංගලන්තය තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.