නවසීලන්තයට ලකුණු 68 ක ජයක්
Match Report

ස්කොට්ලන්තය සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 68ක ජයක් වාර්තා කරමින් තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
Edinburgh හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5කට ලකුණු 225 ක් රැස් කළා.
ෆින් ඇලන් පන්දු 56 කින් ලකුණු 101 ක් ලබා ගත්තා. හයේ පහර 6ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මාර්ටින් ගප්ටිල් ලකුණු 40යි.
පන්දු යැවීමේ දී Hamza Tahir, Chris Sole, Mark Watt හා Richie Berrington එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි.
Calum MacLeod ලකුණු 33ක් හා Chris Greaves ලකුණු 31ක් රැස් කළා. George Munsey ලකුණු 28යි.
පන්දු යැවීමේ දී ඉෂ් සෝදි ලකුණු 28කට කඩුලු 4 ක් දවා ගත්තා.