Ultimate magazine theme for WordPress.

නවසීලන්තයට අවසන් පන්දුවේ දී තියුණු පරාජයක්

Match Report

නවසීලන්තය සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කරමින් තරග 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඩකා නුවර පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 141ක් ලබා ගත්තා.

මොහොමඩ් නයීම් ලකුණු 39ක්, නායක මහමුදුල්ලාහ් නොදැවී ලකුණු 37ක් හා ලිටොන් දාස් ලකුණු 33ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී රචින් රවීන්ද්‍ර ලකුණු 22කට කඩුලු 3ක් බිද හෙලූ අතර, අජාස් පටෙල්, Cole McConchie හා Hamish Bennett අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

නායක ටොම් ලේතම් පන්දු 49කින් නොදැවී ලකුණු 65ක් ලබා ගත් නමුත්, ජයග්‍රහනයට එය ප්‍රමාණවත් වූයේ නැහැ.

තරගය ජය ගැනීම සදහා නවසීලන්තයට අවසන් පන්දුවාරයේ දී ලකුණු 20ක් ලබා ගත යුතු වුණා.

අවසන් පන්දු 2 තුළ ලකුණු 13ක් ලබා ගැනීමට නවසීලන්තයට අවශ්‍ය වූ බැවින් තරගය ජය ගැනීම පිළිබද බලාපොරොත්තු ඔවුන්ගෙන් ගිලිහී ගියා.

කෙසේ වෙතත්, අවසන් පන්දුවාරයේ 5 වැනි පන්දුව ලෙසින් මුස්ටර්ෆිසුර් රෙහ්මාන් විසින් නිපන්දුවක්(ඉනට ඉහළින්) යොමු කළ අතර, ඊට හතරේ පහරක් එල්ල කිරීමට ටොම් ලේතම් සමත් වුණේ නවසීලන්තයට පන්දු 2කදී තරගය ජය ගැනීමට ලකුණු 8ක් පමණක් අවශ්‍ය තත්ත්වයට තරගය පත් කරමින්.

නිදහස් පහරක් ලද ඊළග පන්දුවට නවසීලන්තයට ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි.

ඒ අනුව අවසන් පන්දුවට ලකුණු 6ක් අවශ්‍ය වූ නමුත්, ටොම් ලේතම් එම පන්දුවට රැස් කළේ එක් ලකුණක් පමණක් වූ බැවින් තරගයේ ජය බංග්ලාදේශයට හිමි වුණා.

පන්දු යැවීමේ දී මහෙදි හසාන් හා ශකිබ් අල් හසාන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Leave a comment