Ultimate magazine theme for WordPress.

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නිවේදනය කර තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකාව ඉහළ මානසිකත්වය යටතේයි 20යි 20 තරගාවලියට මුහුණ දෙන්නේ.

20යි 20 තරගාවලිය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී හෙට (8) ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙලින් ජූලි 10 වැනිදා හා 12 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය –

1. Chamari Athapaththu – Captain
2. Vishmi Gunaratne
3. Harshitha Samarawickrama
4. Nilakshi de Silva
5. Kavisha Dilhari
6. Anushka Sanjeewani
7. Oshadi Ranasinghe
8. Kawya Kavindi
9. Sugandika Kumari
10. Inoka Ranaweera
11. Udeshika Prabodhani
12. Hansima Karunaratne
13. Inoshi Fernando
14. Imesha Dulani
15. Hasini Perera