නයීම්, අෆිෆ් හා ටස්කින් බංග්ලාදේශ එක්දින සංචිතයට
![](https://www.hitwicket.lk/wp-content/themes/Hitwicket.lk/images/default-thumb/full.png)
ඇෆ්ඝනිස්තානය සමග ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
සංචිතය සදහා මොහමඩ් නයීම්, අෆිෆ් හොස්න් හා ටස්කින් අහ්මඩ් යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
Yasir Ali, Mrittunjoy Chowdhury හා Rony Talukdar ට සංචිතයේ ස්ථානයක් හිමි වී නැහැ.
ඊයේ(17) දෙරට අතර නිමා වූ ටෙස්ට් තරගයෙන් පසුව ඇෆ්ඝනිස්තාන කණ්ඩායම බංග්ලාදේශයෙන් පිටත්ව යන අතර, අනතුරුව ඔවුන් යළි ජූලි පළමු වැනිදා බංග්ලාදේශයට පැමිණෙන්නේ එක්දින තරග 3ක් හා 20යි 20 තරග 2ක් ක්‍රීඩා කිරීම සදහායි.
එක්දින තරගාවලිය ජූලි 5 වැනිදා Chattogram හී දී ආරම්භ වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය ජූලි 12 Sylhet හී දී ආරම්භ වීමට නියමිතයි.
Squad:
Tamim Iqbal (c), Litton Das, Najmul Hossain Shanto, Shakib Al Hasan, Mushfiqur Rahim, Towhid Hridoy, Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Ebadot Hossain, Mustafizur Rahman, Hasan Mahmud, Shoriful Islam, Afif Hossain, Mohammad Naim