Ultimate magazine theme for WordPress.

නබී යළි ඇෆ්ඝනිස්තාන එක්දින සංචිතයට කැදවයි

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හා තරග 2කින් යුත් 20යි 20 තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මොහොමඩ් නබී එක්දින සංචිතය සදහා යළිි කැදවා තිබීම විශේෂත්වයක්.

ඔහු තවදුරටත් 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරනවා.

නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියට නම් කළ ඇෆ්ඝනිස්තාන සංචිතය හා සැසදීමේ දී බංග්ලාදේශයට එරෙහි 20යි 20 සංචිතයට වෙන්ස්කම් රැසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව අස්ඝර් ඇෆ්ඝන් (විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බැවින්), ගුල්බදීන් නයිබ්, මොහොමඩ් ෂෙසාඩ්, හෂ්මටුල්ලාහ්, හමීඩ් හසාන් හා නවීන් උල් හක් යන ක්‍රීඩකයින් බංග්ලාදේශයට එරෙහි 20යි 20 සංචිතයට ඇතුළත්ව නැහැ.

ඔවුන් වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ Darwish Rasooli, Azmatullah Omarzai, Afsar Zazai, Qais Ahmad හා Nijat Masood.

Osman Ghani හා Sharafuddin Ashraf ට එක්දින සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය එළඹෙන 23 වනදා බංග්ලාදේශයේ චිතගොං (Chattogram) හී දී ආරම්භ වීමට නියමිතයි.

ODI squad:

Hashmatullah Shahidi (C), Rahmat Shah (VC) ,Azmatullah Omarzai, Farid Malik, Fazal Haq Farooqi, Gulbadin Naib, Ibrahim Zadran, Ikram Alikhail, Mohammad Nabi, Mujeeb ur Rahman, Najibullah Zadran, Rahmanullah Gurbaz, Rashid Khan, Riaz Hassan, Shahidullah Kamal, Yamin Ahmadzai

T20I squad:

Mohammad Nabi (C), Afsar Zazai, Azmatullah Omarzai, Darwish Rasooli, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hazratullah Zazai, Karim Janat, Mujeeb ur Rahman, Najibullah Zadran, Nijat Masood, Qais Ahmad, Rahmanullah Gurbaz, Rashid Khan, Sharafuddin Ashraf and Usman Ghani

Leave a comment
logo