Ultimate magazine theme for WordPress.

නටරාජන් වෙනුවට මලික් තාවකාලිකව සන්රයිසස් කණ්ඩායමට

වේග පන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික් කෙටි කාලීන කොවිඩ් 19 ක්‍රීඩක ආදේශ කිරීමක් වශයෙන් ටී. නටරාජන් වෙනුවට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පසුගිය 22 වනදා පැවැති අයි.පී.එල් තරගයට පෙරයි නටරාජන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනේ.

ඒ හේතුවෙන් ඔහුගේ සමීප ආශ්‍රිතයින් වූ සන්රයිසස් සාමාජිකයින් 6 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට ද සිදු වුණා.

21 හැවිරිදි උම්රාන් මලික් ජම්මු කාශ්මීරය වෙනුවෙන් එක් 20යි 20 තරගයකට හා එක්දින තරගයට (List A) ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 4ක් ද බිද හෙලීමට සමත් වුණා.

ඔහු මේ වන විටත් සන්රයිසස් කණ්ඩායම සමග රැදී සිටින්නේ දැල් පන්දු යවන්නෙකු වශයෙන්.

නටරාජන් සුවය ලබා යළි කණ්ඩායම සමග එක් වන තුරු පමණක් උම්රාන් මලික් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇති.