ධනංජයත් විදෙස් ලීග් තරගාවලියකට

බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද(17) බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
එම තරගාවලියේ දී ධනංජය නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ Abahani Limited කණ්ඩායමයි.
තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට පවත්වා අවසන්ව ඇති අතර, සුපර් ලීග් වටයේ තරග හෙට(18) සිට ආරම්භ වීමට නියමිතයි.
ධනංජය ද සිල්වාට අමතරව කුසල් මෙන්ඩිස් ද ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින අතර, ඔහු එම තරගාවලියේදී Mohammedan Sporting Club කණ්ඩායම නියෝජනය කරනවා.
ඔහු පසුගියදා Legends of Rupganj කණ්ඩායමට එරෙහිව ශතකයක් ද වාර්තා කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේ දී බංග්ලාදේශයේ ටෙස්ට් තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.
ඒ අනුව ධනංජය ද සිල්වා හා කුසල් මෙන්ඩිස් ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිට සෘජුවම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමග එරට දී සම්බන්ධ වනු ඇති.