Ultimate magazine theme for WordPress.

දෝනිගේ චෙන්නායි පිලට දරුණු පරාජයක්

Match Report

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර අයි.පී.එල් තරගාවලියේදී අඛණ්ඩව ලැබූ 5 වැනි තරග පරාජයත් අද(11) දිනයේදී වාර්තා කළා.

ඒ, තරගාවලියේ 24 වැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ කඩුලු අටක දරුණු පරාජයක් ලබමින්.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් මෙම තරගයට එක් වුණ චෙන්නායි පිල පළමුව පන්දුවට පහර දී පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 103 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා පිතිකරුවන් පන්දුවාර 10.1 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

සුනිල් නරායන් ලකුණු 44(18) ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර දෙකක් සමගින්. ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 23 කට දැවී ගියා. අජින්කෙයා රහානේ නොදැවී ලකුණු 20 ක් හා රින්කු සිං නොදැවී ලකුණු 15 ක් ලබා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි ඉනිම වෙනුවෙන් ශිවම් ඩූබේ නොදැවී ලකුණු 31 ක් ලබා ගත් අතර, විජයි ශන්කර් ලකුණු 29 යි. අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි දෝනි එක් ලකුණකට දැවී ගියා.

පන්දු යැවීමේදී සුනිල් නරායන් ලකුණු 13 කට කඩුලු 3 ක් දවා ගත් අතර, හර්ෂිත් රානා හා වරුන් චක්‍රවර්තී කඩුලු 2 බැගින් බිද හෙලුවා.