Ultimate magazine theme for WordPress.

දේශපාලන අර්බුදයෙන් කොදෙව් – පාකිස්තාන තරගාවලියටත් බලපෑම්

පාකිස්ථානය සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය මුල්තාන් හී දී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මීට පෙර එම තරඟාවලිය රාවල්පින්ඩි හී දී පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, පාකිස්තානයේ පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් එරට අගනුවර වන ඉස්ලාමාබාද් නගරයට ආසන්නයෙන් පිහිටි රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ මෙම තරගාවලිය නොපැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

විශේෂයෙන්ම ඉදිරි දිනවලදී දැවැන්ත දේශපාලන විරෝධතා රැළි එරට අගනුවර පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ජූනි 8 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේ තරග කාලසටහනෙහි වෙනසක් සිදු කර නැහැ.

මෙම තරගාවලිය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට ද අයත් වනවා.

කාළගුණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එක්දින තරඟ පස්වරු 4 ට ආරම්භ කිරීමට ද නියමිතව ඇති බව සඳහන්.