Ultimate magazine theme for WordPress.

දෙවැනි ස්ථානය තහවුරු කර ගනිමින් ටයිටන්ස් අවසන් වටයට

Match Report

ටබ්රයිස් ශම්සි, සීක්කුගේ ප්‍රසන්න හා ලහිරු කුමාරගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙවත් 20 වැනි තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම අද(15) සමත් වුණා.

අද ලැබූ ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද ගාලු කණ්ඩායම සමත් වුණේ මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ බී-ලව් කැන්ඩි කණ්ඩායම තෙවැනි ස්ථානයට ඇද දමමින්.

ඒ අනුව තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට අද අහිමි වුණා. දඹුල්ල අවුරා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගනිමින් අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ද අද නිල වශයෙන් අවසන් වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

කොළඹ කණ්ඩායමට පන්දුවාර 15.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 74 ක් පමණයි. එය ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස් කළ දෙවැනි අවම ලකුණු සංඛ්‍යාවයි.

ලහිරු උදාර හා නුවනිදු ප්‍රනාන්දු ලකුණු 14 බැගින් ලබා ගත් අතර, නිපුන් ධනංජය ලකුණු 13 යි. මොහමඩ් නවාස් ලකුණු 11 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ටබ්රයිස් ශම්සි කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 20 ක් ලබා දෙමින්. සීක්කුගේ ප්‍රසන්න ලකුණු 14 කට කඩුලු 3ක් බිද හෙලුවා. ලහිරු කුමාර කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 9ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු පිල පන්දුවාර 8.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 42 ක් නොදැවී රැස් කළේ පන්දු 25 කින් හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් සමගින්. ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 17 යි.

භානුක රාජපක්ෂ ලකුණු 6කටත්, ලිටොන් දාස් එක් ලකුණකටත් දැවී ගියා.

[team_standings 49368]

Leave a comment