දෙවැනි යොවුන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදියි
Match Report

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 59 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඊයේ(24) සමත් වුණා.
කරච්චි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන යොවුන් පිල පන්දුවාර 46.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 254 ක්.
Arafat Minhas ලකුණු 95 ක් ලබා ගත් අතර, Shamyl Hussain ලකුණු 53 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී ගරුක සන්කෙත් ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රුවිශාන් පෙරේරා ලකුණු 49 කට කඩුලු 3 ක් බිද හෙලුවා.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පිළිතුරු ඉනිමේ දී පන්දුවාර 43.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 195 ක් පමණයි.
පුලිදු පෙරේරා ලකුණු 36 ක් රැස් කළ අතර, රවිශාන් ද සිල්වා හා විහස් තෙව්මික (නොදැවී) ලකුණු 32 බැගින් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Ubaid Shah හා Ahmed Hussain කඩුලු 3 බැගින් බිද හෙලුවා.
ඒ අනුව කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයෙන් පසුවනවා.