ලකුණු 14 කට කඩුලු 7ක් දැවී ගිය ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරදියි
Match Report

නවසීලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 45 ක පරාජයක් ලබමින් තරග 3 කින් යුත් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම පරාජයට පත් වීමට (0-2) ශ්‍රී ලංකා කණ්ඩායමට අද(30) සිදු වුණා.
මවුන්ට් මවුන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව මෙම තරගයේදී ද නවසීලන්තයට ලබා දුන් අතර, ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබා ගනිමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141 ක් පමණයි.
ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 32 කට සීමා කරමින් කුසල් මෙන්ඩිස් ලකුණු 10 කට දැවී ගිය අතර, පැතුම් නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 37(28) ක්. කමිදු මෙන්ඩිස් ලකුණු 7යි.
කුසල් පෙරේරා පන්දු 35 කින් ලකුණු 48 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්. චරිත් අසලංක ලකුණු 20 කටත්, මෙම තරගයේදී භානුක රාජපක්ෂ වෙනුවට කණ්ඩායමට කැදවූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 5 කටත් දැවී ගියා. වනිදු හසරංග ලබා ගත්තේ එක් ලකුණක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 7 දැවී ගියේ ලකුණු 14 ක් තුළදී වීම විශේෂත්වයක්.
පන්දු යැවීමේ දී ජෙකබ් ඩෆී ලකුණු 15 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මැට් හෙන්රි හා මිචෙල් සැන්ට්නර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මාර්ක් චැප්මන්. ඔහු පන්දු 29 කින් ලකුණු 42 ක් ලබා ගත් අතර, ටිම් රොබින්සන් හා මිචෙල් හේ(නොදැවී පන්දු 19 කින්) ලකුණු 41 බැගින් රැස් කළා.
නවසීලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල සදහා රොබින්සන් හා චැප්මන් අතර ලකුණු 69 (41) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. 6 වැනි කඩුල්ල වෙනුවෙන් ද මිචෙල් හේ හා මයිකල් බ්‍රේස්වෙල් අතර පන්දු 15 කින් ලකුණු 41 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගීම ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහනයේ බලාපොරොත්තු ඈත් කිරීමට හේතු වුණා. නවසීලන්තය අවසන් පන්දුවාර දෙකේදී ලකුණු 34 ක් රැස් කළා.
පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 28 කට කඩුලු 2 ක් දවා ගත් අතර, නුවන් තුෂාර (ලකුණු 25කට) හා මතීෂ පතිරණ (ලකුණු 37 කට) එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
Another new spell, another wicket for Jacob Duffy. The danger man Kusal Perera falls LIVE and free in NZ on TVNZ 1 and TVNZ+ #NZvSL #CricketNation pic.twitter.com/q9mWPg7eAz
— BLACKCAPS (@BLACKCAPS) December 30, 2024