දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 238ක පරාජයක්
Match Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(14) සමත් වුණා.
ඒ, දෙරට අතර බැංගලූරුහී දී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ලකුණු 238ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
තරගයේ තෙවැනි දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 447ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියා.
කෙසේ වෙතත්, අද දිනයේ දී ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208ක් පමණයි.
එය මෙම ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලකුණු 200 සීමාව පසු කර ගිය පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න සටන්කාමී ශතකයක් වාර්තා කරමින් ලකුණු 107කට දැවී ගියා. එය ඔහුගේ 14 වන ටෙස්ට් ශතකයයි.
පන්දු 174කින් වාර්තා වූ දිමුත්ගේ ශතකයට හතරේ පහර 15ක් ඇතුළත්.
ශ්‍රී ලංකාව අද දිනයේ ආරම්භයේ දී ම ධනාත්මක පිතිහරඹයක නිරත වෙමින් තරමක වේගයෙන් ලකුණු ලබා ගැනීමට උත්සාහ කරනු දක්නට ලැබුණා.
කුසල් මෙන්ඩිස් පන්දු 60කින් ලකුණූ 54ක් ලබා ගත්තා. කෙසේ වෙතත්, ඔහුගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම යළි මන්දගාමී ස්වරූපයක් ගත් අතර, මැදපෙල සියලු පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.
නිරෝෂන් දික්වැල්ල ලකුණූ 12යි.වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණූ 10 සීමාවට ළගා වූයේ නැහැ.
පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 4ක් හා ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3ක් බිද හෙලුවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 252ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 109ක් පමණයි.
අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 9ක් දැවී ලකුණු 303ක් ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
මෙම තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.
— cric fun (@cric12222) March 14, 2022