Ultimate magazine theme for WordPress.

දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(19) ප්‍රකාශයට පත් කෙරුණා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය සදහා නම් කෙරුණු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයම දෙවැනි තරගය සදහා ද නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ටෙස්ට් වරම් දිනා නොමැති මිලාන් රත්නායක හා දුෂාන් හේමන්ත තවදුරටත් සංචිතයේ සිය ස්ථාන හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

ලහිරු කුමාර හා කසුන් රාජිත මෙම තරගයෙන් ද විවේක ගන්වා ඇති අතර, පැතුම් නිස්සංක හා ඕෂද ප්‍රනාන්දුට තවදුරටත් සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගයෙන් ඉනිමක හා ලකුණු 280 ක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකාව මේ වන විට තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ තරග 1-0 ක් ලෙසයි.

Squad :

1.) Dimuth Karunaratne (c)
2.) Kusal Mendis
3.) Angelo Mathews
4.) Dinesh Chandimal
5.) Dhananjaya De Silva
6.) Kamindu Mendis
7.) Nishan Madushka (WK)
8.) Sadeera Samarawickrama (WK)
9.) Ramesh Mendis
10.)Prabath Jayasuriya
11.)Dushan Hemantha
12.)Lasith Embuldeniya
13.)Asitha Fernando
14.)Vishwa Fernando
15.)Milan Rathnayake