Ultimate magazine theme for WordPress.

දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එංගලන්තය නම් කරයි

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(15) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පළමු තරගයට ක්‍රීඩා නොකළ ස්ටුවට් බ්‍රෝඩ් ද සංචිතයට ඇතුළත්.

වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් මෙම තරගයෙන් විවේක ගන්වා තිබෙනවා.

අවසන් 11 දෙනාගේ කණ්ඩායම තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කරන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට(16) මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ඇඩිලේඩ් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

England Squad for 2nd Ashes Test:

Joe Root (c), Jimmy Anderson, Stuart Broad, Rory Burns, Jos Buttler, Haseeb Hameed, Jack Leach, Dawid Malan, Ollie Pope, Ollie Robinson, Ben Stokes, Chris Woakes.