Ultimate magazine theme for WordPress.

දෙවැනි එක්දින තරගය වර්ෂාව හමුවේ ප්‍රතිපලයකින් තොරව අවසන් වෙයි

Match Report

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අද(27) නිමා වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 229 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි වූ නමුත්, ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 2.4 ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 10 ක් ලෙස සටහන්ව තිබියදී තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා. අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම ද මිනිත්තු 25 කින් පමණ ප්‍රමාද වූයේ වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ජය ගත් ඇෆ්ඝනිස්තානය මේ වන විට තරග 1-0 ක් ලෙස තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 228 ක්.

ඒ, ඔවුන්ගේ දෙවැනි කඩුල්ල ලකුණු 135 දී බිද වැටුණු පසුබිමකයි. ඒ අනුව ඔවුන්ගේ අවසන් කඩුලු 9 දැවී ගියේ ලකුණු 93 ක් තුළදීයි.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 68(73) ක් රැස් කළ අතර, රහ්මට් ශාහ් ලකුණු 58(78) කට දැවී ගියා. මොහමඩ් නබී ලකුණු 41 යි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිද හෙලුවා.